පරිප්පු මැල්ලුම
පරිප්පු මැල්ලුම
කඩල පරිප්පු කෝප්පයක් සෝදල පෙඟෙන්න තියන්න.
පෙඟෙන්න වෙලාව මදි නම් වතුර එකක් උතුරවල සෝදපු පරිප්පු ටික එක්ක බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් දාල පැය භාගයක් පියනකින් වහල තියන්න. ඊටපස්සෙ හොඳට සෝදල අරන් කහ සහ ලුනු ටිකක් දාල තම්බ ගන්න.
පරිප්පු ඇට ටික හොඳටම තැම්බෙන්න ඕන. හැබැයි බෙරි වෙන්නම නොදී තැම්බෙන්න අවශ්‍ය ගානට වතුර දාගන්න.
ඒ අතරෙ පොල් කෝප්පයක් , සුදුලූනු බික් දෙකක්, ගම්මිරිස් ඇට තේ හැඳි කාලක්, කරපින්චා ඉත්තක්, කහ කුඩු ටිකක්, කොච්චි හෝ අමුමිරිස් නැත්නම් කෑලිමිරිස් ,උම්බලකඩ , රතුලූනු එහෙම දාපු සම්බෝලයක් අඹර ගන්න. දෙහි ටිකක් එහෙම දාන්න වැඩිපුර .
පෑන් එකක තෙල් ටිකක් රත් කරල ඒකෙ බදින්න කරපින්චා ඉත්තක් එක්ක රතුලූනු ගෙඩි 3-4ක් හීනිවට කපාගෙන.
ලූනු ටික රන්වන් පාටට එනකොට අබරාගත් සම්බෝලය දාල හොඳට පොල්ටික සුවඳ වෙනකන් මික්ස් කරන්න .
ඊලඟට තම්බාගත් පරිප්පු ටික දාල පොඩ්ඩක් හැන්දෙන් පරිප්පු වලින් ටිකක් පොඩි කරන්න . එතකොට බෙරි වෙලා වගේ එනව.
හොඳට ඔක්කොම කවලම් උනාම ලුනු ඇඹුල් බලල බාන්න.
#cooked_by_indi #lunch #srilankanfood #dhal #පරිප්පු #hom
emade #dubai #uae #weekend




Comments
Post a Comment