බිම එකක්වත් හදන්න බලමුද
අඹ යුෂ සමඟ කරවිල පානය
අවශ්‍ය ද්‍රව්‍ය
අඹ ගෙඩි 4
උතුරුවා නිවාගත් වතුර අඬුකෝප්ප 4
කරවිල 100g
සීනි 50g
ලුණු තේ හැඳි 1/2
සාදන ක්‍රමය
සෝදා, පොතු සහ ඇට ඉවත් කර අඹ කපාගන්න.
අඹවලට ලුණු, සීනි, වතුර අඬුකෝප්ප 2ක් එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.
කරවිල ඇට ඉවත් කර සෝදා ඉතිරි වතුර අඬුකෝප්ප 2 දමා, ලුණු එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.
වෙන වෙනම ශීතකරණයේ තබන්න.
වීදුරුවකට 3/4ක ප්‍රමාණයට අඹ යුෂ වත්කරගන්න.
එම වීදුරුවට කරවිල යුෂ තේ හැඳි 2ක් එකතු කර මිශ්‍ර කරන්න.
------
කැරට් සහ පේර බීම
අවශ්‍ය ද්‍රව්‍ය
කැරට් 400g
උතුරුවා නිවාගත් වතුර අඬුකෝප්ප 4
පේර 400g
සීනි 40g
ලුණු තේ හැඳි 1/2
සාදන ක්‍රමය
කැරට් සුද්දකර, සෝදා, කපා වතුර අඬුකෝප්ප 2ක් එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
පේර සෝදා, සීනි සහ ඉතිරි වතුර අඬුකෝප්ප 2 එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
පිළිගැන්වීමේදී වීදුරුවට පේර යුෂ එකතු කර ඊට උඩින් කැරට් යුෂ දමාගන්න.
-----
දෙහි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
ලුණුදෙහි (පැණි රස) 500g
විනාකිරි අඬුකෝප්ප 1
වියළි මුද්දරප්පලම් 50g
සීනි 100g
අඹ චට්නි මේස හැඳි 4
දෙහි කොළ 5
ලුණු රස අනුව
සාදන ක්‍රමය
ලුණුදෙහි පොඩියට කපාගන්න.
සීනි, අඹ චට්නි, වියළි මුද්දරප්පලම් විනාකිරෙන් බ්ලෙන්ඩ් කරන්න.
බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට කපාගත් ලුණුදෙහි එකතු කරන්න.
සෝදා පිරිසිදු කරගත් දෙහි කොළ 5ක් එකතු කර දින දෙකකට පසු ප්‍රයෝජනයට ගන්න.
රස අනුව ලුණු එකතු කරන්න.
------
මෝර මාළු කළු පොලට
අවශ්‍ය ද්‍රව්‍ය
මෝර මාළු 250g
අමුමිරිස් කරල් 2
සුදුලූනු (කපාගත්) තේ හැඳි 1
අමුඉඟුරු (කපාගත්) තේ හැඳි 1/2
කරපිංචා (කපාගත්) මේස හැඳි 1
කරි කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
පොල් (ගාගෙන බැදගත්) මේස හැඳි 1
පරිප්පු කුඩු (බැදගත්) මේස හැඳි 1/2
ගොරකා 30g
මිටිකිරි අඬුකෝප්ප 1/2
ලුණු රස අනුව
සාදන ක්‍රමය
මෝර මාළු, මිටිකිරි, බැදගත් පොල්, පරිප්පු කුඩු හැර අන් සියල්ල එකට අඹරාගන්න.
බැදගත් පොල්, මිටිකිරි සමඟ බ්ලෙන්ඩ් කරගන්න.
අඹරාගත් සියලු දේ (බ්ලෙන්ඩ් කරගත්) මිශ්‍ර කර, මිටිකිරි හැර මෝර මාළුවලට දමා වතුර අඬුකෝප්පයක් ද එක්කර ගන්න.
එයට ලුණු එකතු කර ලිප තබා උතුරන විට ගින්දර අඩු කරන්න.
මාළු හොඳින් තැම්බුණාට පසු බ්ලෙන්ඩ් කරගත් දෑ සමඟ පරිප්පු කුඩු එකතු කර උතුරනතුරු තබා ලිපෙන් බාගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ
ආචාර්ය පබ්ලිස් සිල්වා
ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය
ගල්කිස්ස මහ හෝටලයේ
නිමාකෝ ද සිල්වා
ඉදිරිපත් කිරීම Garlic and Ginger

Comments
Post a Comment