function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 මෑ කරල් තෙම්පරාදුව 💚🌴🍃🇱🇰 Skip to main content

මෑ කරල් තෙම්පරාදුව 💚🌴🍃🇱🇰

 මෑ කරල් තෙම්පරාදුව 💚🌴🍃🇱🇰



මෑ කරල් කන්න ආස නැති ඕනිම කෙනෙක්ට මේ විදිහට රසට හදලා දෙන්න. අනිවර්යයෙන්ම ඉල්ල ඉල්ල කයි. 🫣


අවශ්‍ය ද්‍රව්‍ය : 


✅  මෑකරල් 500g 

✅  සූදුරු මේස හැන්දක් 

✅  අබ මේස හැන්දක්

✅  තක්කාලි ගෙඩි 2 ක් 

✅  ලොකු ලූනු ගෙඩි 2 ක්

✅  වියළි මිරිස් කරල් 2 ක් 

✅  එනසාල් ඇට 4 ක් 

✅  කුරුඳු පොතු 

✅  තලා ගත් සුදුලූණු බික් 4 ක් 

✅  කහ කුඩු තේ හැන්දක් 

✅  මිරිස්කුඩු මේස හැන්දක් 

✅  කෑලි මිරිස් කුඩු මේස හැන්දක් 

✅  තලා ගත් ඉඟුරු කැබැල්ලක්

✅  කරපිංචා

✅  රම්පෙ

✅  පොල්තෙල්

✅  රස අනුව ලුණු

✅  උළුහාල් මේස හැන්දක් 

✅  සීනි ස්වල්පයක්

✅  තුනපහ කුඩු ස්වල්පයක් 


සාදන ක්‍රමය : 


✅  මුලින්ම තෙල් ටිකක් මැටි හට්ටියට දාලා තෙල් ටික රත් වීගෙන එද්දී අබ, සූදුරු දාලා බැදෙන්න දෙන්න. 


✅  ඊට පස්සේ ඒකට ලූනු, සුදු ලූනු, ඉඟුරු, රම්පෙ, කරපිංචා, තක්කාලි, එනසාල්, උළුහාල්, කුරුඳු පොතු ටික දාලා හොඳට තෙම්පරාදු කරන්න. 


✅  ඊට පස්සේ ඒ තෙම්පරාදුවට කහ කුඩු, කෑලි මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, රස අනුව ලුණු, තුනපහ දාලා හොඳට විනාඩියක් විතර අඩු ගින්දරේ කලවම් කරන්න. 


✅  ඊට පස්සේ ඒකට මෑ කරල් ටික එකතු කරලා විනාඩි 1 1/2 ක් විතර හොඳට කලවම් කරලා පියන වහලා විනාඩි 2 ක් විතර අඩුම ගින්දරේ උයා ගන්න. 


✅  ඊට පස්සේ පියන ඇරලත් මෑ කරල් ටික හොඳට තැම්බිලා, ලස්සන පාටක් එනකං විනාඩියක් , එකහාමාරක් විතර හොඳට කලවම් කරන ගමන් උයා ගන්න. 


සැ. යු. ගොඩාක් වෙලා මෑ කරල් ටික උයා ගන්න එපා. මෑ කරල් ටික තැම්බිලා ලස්සන කොළ පාටක් එද්දිම ලිපෙන් බා ගන්න. ලිපෙන් බාලත් විනාඩි 2,3 ක් විතර පියන ඇරලා හොඳට කලවම් කරන්න. නැත්නම් පියන වහලා තිබ්බොත් හට්ටියේ රස්නෙට මෑ කරල් ටික තවත්  තැම්බෙන්න පුළුවන්. එතකොට මෑ කරල් වල ලස්සන පාට, රසය අඩු වෙන්න පුළුවන්. පුළුවන් නම් උයලා ඉවර වෙලා පියන ටික වෙලාවක් ඇරලා තියන්න. රස්නේ ගතිය අඩු වෙන්න. හැන්දෙන් හොඳට කලවම් කරද්දීත් රස්නේ ගතිය අඩු වෙනවා. 


✅  ඔන්න ඉතින් ලේසියෙන්ම රසට මෑ කරල් තෙම්පරාදුව  හදලා ඉවරයි. 


✅  ඔයාලටත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰


මේ වගේම තව රසම රස රෙසිපි ගැන දැන ගන්න මගේ පේජ් එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න..😘


✍️ ෂහිනි සිල්වා 

SHAHI'S_kitchen 

2025.03.22


📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු  අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම ,  වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.


Long Beans Tempered💚🌴🍃🇱🇰


For anyone who doesn’t enjoy eating long beans, try making it this way and they will surely eat for more. 🫣


Ingredients: 


✅ 500g of long beans  

✅ 1 tablespoon of mustard  

✅ 1 tablespoon of cumin seeds 

✅ 2 tomatoes  

✅ 2 large onions  

✅ 2 dried chilies 

✅ 4 pieces of cardamoms 

✅ Pieces of cinnamon 

✅ Chopped ginger   

✅ Chopped garlic  

✅ 1 teaspoon of turmeric powder  

✅ 1 tablespoon of chili powder  

✅ 1 tablespoon of chili flakes  

✅ Curry leaves  

✅ Pandan leaves 

✅ Coconut oil  

✅ Salt to taste  

✅ A pinch of sugar  

✅ A pinch of curry powder  

✅ 1 table spoon of fenugreek seeds 


Method:


✅ First, add some oil to a clay pot and add the mustard seeds and cumin seeds to the oil and mixed it well. After that add the onions and let them tempered.  


✅ Next, add the garlic, ginger, cardamoms, cinnamon, curry leaves, dried chilies, pandan leaves, fenugreek seeds, tomatoes and mixed it well. 


✅  Next add all the turmeric, chili powder, chili flakes, curry powder, salt to taste and sugar. Stir well it one minute.


✅ After tempering that, add the long beans and mix well. Cook for about 1½ minutes, keeping the pan covered. After remove the lid and let it cook for another 2 minutes to allow the long beans  to absorb all the flavors.


✅ After that, make sure the long beans tempered is nicely and delicious finish.  


Tips: Do not overcook this long beans tempered. 


✅ Now, your delicious long beans tempered is ready to serve!


✅ If you try it this way, don’t forget to let me know! 🥰


For more delicious recipes, follow my page and stay with me..😘


✍️ Shahini Silva  

SHAHI'S_kitchen  

2025.03.22


📌 All rights reserved for this post. Kindly share only with permission. Unauthorized reproduction, modification, removal of watermarks, and posting with others' names is strictly prohibited.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු