බිලින්
✍️ මම අද කියලා දෙන්නම් සාමාන්‍ය විදියට බිලින් මාස කීපයක් තබා ගන්න පුළුවන් විදියක්. මේ විදියට හදලා වෙළදපලට නිකුත් කරන්න. පුළුවන් .මේ බිලින් වාරෙනේ..ගස් යට වැටිලා නරක් වෙලා යනවා..ඉතින් මම මේ කියන විදියට හදලා බලන්න මාස ගානක් යනකම් තියා ගන්න පුළුවන්.
මෙයට අවශ්‍යය ද්‍රව්‍ය....
👉 ලුනු කැට
👉මැටි මුට්ටියක්
👉බිලින්
👌මුලින්ම අමු බිලින් කඩලා ගන්න බිලින් ටිකක් වැඩිපුර අවශ්‍යය වෙනවා මෙය සදා ගැනිමට..කඩලා ගත් බිලින් මුලින්ම සෝදා ගන්න..ටික වේලාවක් යන තුරු තියන්න තෙත ගතිය අඩු වෙනකම්. මෙයට ජලය හොද නෑ ඒකයි..දැන් හොදට තෙත ගතිය අඩු උන පසු බිලින් ගෙඩිවල අගින් මුලින් පොඩ්ඩක් විතර කපලා අයින් කරන්න...
දැන් මැටි මුට්ටියට අඩියට ලුනු කැට ටිකක් දාන්න ඊ ලගට බිලින් ටිකක් දාන්න නැවත වරක් ලුනු කැට ටිකක් දාන්න ඔහොම තට්ටුවක් තට්ටුවක් වගේ මුට්ටියට දමා ගන්න..මෙයට ජලය කිසිම අයුරකින් දමන්න එපා..මුට්ටිය මැටි භාජනයකින් වසා ලිපේ තියා ගන්න..ටික වෙලාවකින් ඔබට බලා ගන්න පුළුවන් බිලින් ඉස්ම වලින් මුට්ටිය පිරෙනවා...ඒ ඉස්ම වලින්ම තමයි බිලින් තැම්බෙන්නෙ..ටිකක් වෙලා යනකොට ඉස්ම අඩු වෙනකොට මද ගින්නේ හිදෙන්න දෙන්න..දැන් ඔබට බලා ගන්න පුළුවන් බිලින් ගෙඩියක් හරියට මුද්දිරප්පලම් ගානට ඒ වගේ තියනවා කියලා..
මෙය හොදින් නිවෙන්න තබා කෑලි මිරිස් ටිකක් ලාවට බැද ගන්න තවත් රසවත් කොච්චි ටිකකුත් දානවා නම් ලිපෙ තියෙද්දි දාන්න පුලුවන් නැත්නම් බැදලා ගන්න. එයත් නිවුනු පසු කලවම් කරලා හොදට පිරිසිදු කර ගත් බෝතල් වල දමා ගන්න..මෙය මාස 6ක් විතර යනකම් තියා ගන්න පුළුවන්..බත් එක්ක ලුනු දෙහි වගේ කන්න පුලුවන් හරිම රසවත්..
ඉතින් මෙය ඔබ හදලා බලන්න ඇත්තටම ගොඩක් රසවත් කෑමක්..
( උපුටා ගැනීමක. රංග කුමාර ට ප්‍රණාමය 🙏 )
ලිපියෙහි යම් වටිනාකමක් ඇතැයි හැගේ නම් හැමෝටම දැනගන්න කරුණාකර Share කරන්න.

Comments
Post a Comment