බිත්තර තෙම්පරාදුව
කන්න එපා. කෑවොත් සත්තයි ඇබ්බැහි වෙනවා.
#shahis_kitchen_recipes
බිත්තර තෙම්පරාදුව 🧡😍🌹🇱🇰
බිත්තර හැමදාම එකම විදිහට කාලා එපා වෙලාද ? එන්නකෝ එහෙනම් බිත්තර හදන්න පුළුවන් රසම රස විදිහක් කියලා දෙන්න. 🌝
අවශ්‍ය ද්‍රව්‍ය :
✅ තම්බපු බිත්තර 5 ක් ( බිත්තර දෙකට කපලා ගන්න )
✅ කපා ගත් ලූනු ගෙඩි දෙකක්
✅ කොටා ගත් සුදු ලූනු ස්වල්පයක්
✅ කොටා ගත් ඉඟුරු ස්වල්පයක්
✅ තීරු කපා ගත් ලොකු තක්කාලි ගෙඩියක්
✅ වෙන් නොවෙන විදිහට කපා ගත් පොඩි අමුමිරිස් කරල් 3 ක්
✅ පොඩියට කපා ගත්ත වේලිච්ච මිරිස් කරල් 2 ක්
✅ රවුමට කපා ගත් මාලු මිරිස් පොඩි කරලක් ( කැමති නම් විතරක් )
✅ රම්පෙ
✅ කරපිංචා
✅ අබ මේස හැඳි 1/4 ක්
✅ කෑලි මිරිස් මේස හැඳි 3 1/2 ක්
✅ පොල් තෙල් මේස හැඳි 3 ක්
✅ කහ කුඩු ස්වල්පයක්
✅ සීනි මේස හැඳි 1/4 ක්
✅ කුරුඳු පොතු කෑල්ලක්
✅ ගොරකා පොඩි කෑල්ලක්
✅ රස අනුව ලුණු
සාදන ක්‍රමය :
✅ මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3 එකතු කරලා තෙල් ටික රත් උනාට පස්සේ තම්බලා කපා ගත්ත බිත්තර ටික කහ මදේ පෑන් එකේ වැදෙන විදිහට යටි අතට තියාගෙන බිත්තරේ දෙපැත්තම අඩු ගින්දරේ හොඳට තද දුඹුරු පැහැයක් එනකං බැද ගන්න. ( බිත්තර බදිද්දි පරිස්සමෙන් අඩු ගින්දරේම බදින්න. මොකද තෙල් විසි වෙන්න පුළුවන්. බිත්තර ටික බැදෙනකන් ඒ ළඟට වෙලා ඉන්න එපා. ටිකක් දුරින් ඉන්න. අඩු ගින්දරේ බැද්දත් හිතන්නේ නැති වෙලාවක තෙල් විසි වෙන්න පුළුවන්. )
✅ බිත්තර ටික බැදුනට පස්සේ තෙල් එකෙන් බිත්තර ටික අයින් කරලා තෙල් එකට අබ, ලූනු, සුදු ලූනු, ඉඟුරු, මිරිස් ( මගෙත් හෙන විච්චූරණ නිසා මිරිස් වර්ග තුනම ගත්තා. ඔයාලට කැමති නම් තුනම ගන්න. නැත්නම් ඔන්න ඔහේ ගෙදර තියෙන මිරිස් වර්ගයක් දාන්න අනේ. කොහොම කෑවත් මිරිස් නේ. 😉 අමු මිරිස් හරි වියළි මිරිස් හරි මාලු මිරිස් හරි. ) රම්පෙ, කරපිංචා, තක්කාලි, කුරුඳු පොතු, ගොරකා කෑල්ල එකතු කරලා හොඳට තෙම්පරාදු කරලා බැද ගත්ත බිත්තර ටික එකතු කරන්න.
✅ බැද ගත්ත බිත්තර ටික එකතු කරලා ඉවර වෙලා හොඳට කලවම් කරලා ඒකට කෑලි මිරිස්, සීනි, කහ කුඩු, රස අනුව ලුණු ටික එකතු කරලා හොඳට කලවම් කරලා පියන වහලා විනාඩි 2 ක් වගේ අඩු ගින්දරේ උයා ගන්න.
✅ ඔන්න ඉතින් ලේසියෙන්ම රසට ඇබ්බැහි වෙන සුලු බිත්තර තෙම්පරාදුවක් හදලා ඉවරයි.
ඔයාලත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰
මේ වගේම තව රසම රස රෙසිපි ගැන දැන ගන්න මගේ පේජ් එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න..😘
✍️ ෂහිනි සිල්වා
SHAHI'S_kitchen
2025.03.21
📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම , වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.
Egg Tempura 🧡😍🌹🇱🇰
Are you tired of eating eggs the same way every day? If so, here’s a delicious way to make eggs. 🌝
Ingredients:
✅ 5 boiled eggs (cut in half)
✅ 2 sliced onions
✅ A small amount of chopped garlic
✅ A small amount of chopped ginger
✅ 1 large sliced tomato
✅ 3 small sliced green chilies
✅ 2 small sliced red chilies
✅ 1 small sliced chili capsicum (optional, if you prefer)
✅ Curry leaves
✅ Pandan leaves
✅ 1/4 tbsp salt
✅ 3 1/2 tbsp chili powder
✅ 3 tbsp coconut oil
✅ A little turmeric powder
✅ 1/4 tbsp sugar
✅ Salt to taste
✅ A small piece of cinnamon
✅ A small piece of garcinia (dried fruit)
Method:
✅ First, place a pan on the stove and add 3 tablespoons of oil. Once the oil heats up, add the boiled eggs to the pan, placing the egg halves flat side down. Fry them until both sides turn a nice golden brown. ( Be cautious when frying the eggs as the oil can splatter. While frying the eggs, try to keep a safe distance, as the oil might splash unexpectedly.)
✅ The eggs are fried, remove them from the oil and into a separate bowl. Add the onion, garlic, ginger, chilies, curry leaves, pandan leaves, tomato, cinnamon stick, and a small piece of garcinia into the oil. Stir them well and let them cook together.
✅ After frying the eggs and mixing the ingredients in the oil, add the chili powder, sugar, and a pinch of turmeric and salt to it and stir everything well for 2 minutes.
✅ Now, the delicious egg tempura is ready to serve.
If you make it this way, don't forget to let me know! 🥰
For more tasty recipes like this, follow my page and stay connected with me! 😘
✍️ Shahini Silva
SHAHI'S_kitchen
2025.03.21
📌 All rights to this post are owned by me. Kindly refrain from altering, reposting, or removing watermarks from the photos, recipes, and information in this post. Unauthorized reproduction, distortion, and sharing with other people's names or watermarks are strictly prohibited.

Comments
Post a Comment