රොඩු කැටඹිල්ල
රොඩු කැටඹිල්ල
විද්‍යාත්මක නාමය / Rubus niveus
ශාක පවුල / Rosaceae
සම්භවය / Native , දේශීය
රොඩු කැටබිල්ල ශාකය 1 – 2.5m අතර උසකට වර්ධනය වන කටු සහිත පදුරකි. ගසේ කටු තියුනුව සම්මුක ආකාරයට පිහිටයි. මෙහි පත්‍ර වඩා විශාල නොවෙන අතර පත්‍ර දාරයෙහි දැති සහිතයි. මනාව අතු බෙදෙන මේ ශාකයේ අතු අගින් ඉත්තක් උඩට මතුව එහි පොකුරු ආකාරයට මල් රාශියක් හටගනියි. ලා දම් පැහැයෙන් යුතුව මල් පිපෙන අතර ගෙඩිද රාශියක් එක ඉත්තක හටගනියි. ගෙඩි පැහීගෙන එනවිට තැබිලි පැහැයෙන්ද හොදින් ඉදුනු පසු තද දම් පැහැයක් ගනියි.
මෙම ශාකය දකුණු ආසියාවට ආවේනිකය. ලංකාව , ඉන්දියාව , චීනය , පිලිපීනය , තායිලන්තය , ඇෆ්ගනිස්ථානය ආදී රටවලද බහුලව දක්නට ලැබෙන මෙය Ceylon Raspberry නමින් හදුන්වනු ලබයි. රසවත් වන පලතුරක් සේ රොඩු කැටබිල්ල ශාකය පිලිබඳව සදහන් වන අතර ලංකාවට දේශීය ශාකයක් වන මෙය අවදානම් සහිත ශාකයක් සේ සදහන් කර ඇත.
🥰 පලතුරක් වශයෙන් කෑමට ප්‍රියජනක පැණි රසැත් පුන්චියට ඇඹුල් රසත් මිශ්‍රවූ රසක් ඇති පලතුරකි. කෙමෙන් කෙමෙන් වියකීයමින් ඌන භාවිත ශාකයක් වන බවට සාධක හමුවෙයි.
මෙම ශාකය සදහා රොඩු කැටබිල්ල , වැල් බූටෑ , වල් රෝස ආදී නාමයන් භාවිතා කරන අතර මෙම ශාකය Rosaceae උද්භිත කුලයට අයත් ශාකයකි. Rubus ගණයේ ශාක රාශියක් ලොව පුරාම දක්නට ලැබෙන අතර ලංකාවේ ද ඉන් වර්ග 10 කට වඩා හමුවෙයි . එයින් එක් වර්ගයකි Rubus niveus ලෙසට මෙ හදුන්වනු ලබන්නේ.
🤗 ලිපිය උපුටාගැනීම සිදු කරන්නේ නම් කතෘ අයිතිය සුරැකෙන පරිදි උපුටා ගන්නේ නම් මැනවි 👍
පූජ්‍ය ධම්මානන්ද හිමි අතුරුවැල්ලේ ( Pilikuttuwa - පිළිකුත්තුව රජමහා විහාරය ) විසින් ඔසුපැල හදුනාගනිමු සමුහයේ සම්පත් දායකයින්ගේ අදහස් විමසමින් තොරතුරු ගෙන සකසන ලදි .
👍 මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු . පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි 🙏 "" හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා ""
උපුටා ගැනීමකි

Comments
Post a Comment