function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 අලු කෙසෙල් කන්න අකැමැති අය මෙහෙම හදල බලන්න.. සුපිරි 🔥🔥 Skip to main content

අලු කෙසෙල් කන්න අකැමැති අය මෙහෙම හදල බලන්න.. සුපිරි 🔥🔥

 මුස්ලිම් ජනතාව අතර ප්‍රසිද්ධ කටට කෙල උනන කාලියා කරිය.. 

අලු කෙසෙල් කන්න අකැමැති අය මෙහෙම හදල බලන්න.. සුපිරි 🔥🔥



අවශ්‍ය ද්‍රව්‍ය 


🍃 හොදින් පැහුණු අළු කෙසෙල් ගෙඩි 3 

🍃 වම්බටු ගෙඩි 4 

🍃 මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් 

🍃 තුනපහ තේ හැඳි 1 ක්

🍃කුරුදු පොතු කැබැල්ලක් 

🍃රම්පේ / කරපිංචා 

🍃 කහ කුඩු

🍃පොල් තෙල් ස්වල්පයක් 

🍃උකු පොල් කිරි කෝප්පයක්

🍃රස අනුව ලුණු කුඩු 

🍃 තලාගත් සුදු ළූනු

🍃 රතු ලූනු ගෙඩි 3 ක්

🍃 එනසාල් 

🍃 උම්බලකඩ


සාදන ආකාරය 


🍃  මේ මම ගත්ත ප්‍රමාණවල්, ඔයාලා අවශ්‍ය පරිදි ද්‍රව්‍ය අඩු වැඩි කරගන්න. 

        

🍃පලමුව අලු කෙසෙල් සහ වම්බටු හොදට සුද්ද කරලා පිරිසිදු කර දෙකට පලලා  කොටු ආකාරයට කපා ගෙන වෙන වෙනම බාජනවලට දමා කහ සහ ලුණු කුඩු ටිකක් දාලා අත ගාලා වෙන වෙනම ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද, තෙල් බේරෙන්න පසෙකින් තබා ගන්න..


🍃 ඉන්පසු වෙනම බාජනයකට පොල් කිරි , පහේ ටිකයි , කපාගත් ලූණු , අමු මිරිස් , රම්ප , කරපිංචා , උම්බලකඩ , කුරුදු , එනසාල් සහ තලාගත් සුදු ලූණු ටිකයි දාලා කලවම් කරලා ලිපේ තබා නොනවත්වාම හැදිගාමින් උයා ගන්න,කැ⁣ටි ගැහෙන්න නොදි.. (කෑමති නම් චිකන් පිකුදු එකතු කරන්න පුළුවන්, මුස්ලිම් ජනතාව එහෙමත් හදනවා) 


🍃 හොද්ද හොදින් උුතුරලා තැම්බුනාම අපි කලින් බැදගත් අලු කෙසෙල් ටික සහ වම්බටු ටික මේකට දාලා උයා ගන්න.. 


හොදි විදියටත් හින්දවලා ගන්නත් පුළුවන් ඔබගේ කැමැත්ත මත. හරිම රසයි ඔයාලත් හදල රස කියන්න 🔥


Pramo aneesha ✍️ 📸

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු