වේජිටෙරියන් රයිස් රෙසපිස් ඉල්ලන අයට වගේම අනිත් අයටත් ගැලපෙන රස ගුන රයිස් එක්ක බලමු අද.
ලග එන අවුරුදු කලායට ගෙදරට එන වේජිටෙරියන් අමුත්තන්ට වගේම අනිත් අයත් ආසවේන් කන්න කැමති වෙන.
එලවලු මිශ්‍ර බටර් රසට ෆ්‍රයිඩ්රයිස්.
( මේ ප්‍රමාණයන් 3 දෙනෙකුට ඇති වන පරිදි. ඔයාට අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න.)
Read More
අවශ්‍ය ද්‍රවය.
බාස්මති බත් පිසගත් 500g
කැරට් අල 2 ක් ( පොති කපාගත් )
බෝංචි 150 g ( දෙකට හෝ තුනට කපාගත් )
ගෝවා 200 g ( තරමක කොටු කපාගත් )
දම් පාට ගෝවා 100g ( තරමක කොටු කපාගත් )
Read More
( තියනවා නම් හතු සහ බේබි කෝන් එකතු කරගන්න පුලුවන්)
තලාගත් සුදුලුනු,ඉගුරු මේසහැදි 1ක්
හිනියට කපාගත් ලුනු ගොඩි 1 ක්
බටර් මේසහැදි 2ක්
පොල් තෙල් හෝ ඔලිව් තෙල් තේහැදි 1ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස් ගන්න
සෝයා සෝස් මේසහැදි 2 ක්
Read More
සාදන ආකාරය,
මුලින්ම බාස්මති බත් එක පිසගන්න.පෑන් එකක් ලිපේ තියලා බටර් මේසහැදි 2ක ට පොල් තෙල් හෝ ඔලිව් තෙල් තේහැදි 1ක් දලා රත් වු පසු තලාගත් සුදුලුනු,ඉගුරු, හිනියට කපාගත් ලුනු දමා තෙම්පරාදු වෙන්න හරින්න.
Read More
ටික වේලාවට පසු පොති කපාගත් කැරට් ටික එකතුකර තෙම්පරාදු වෙන්න හැර කපාගත් බෝංචි දමා කලවම්කර නැවතත් තෙම්පරාදු වෙන්න හරින්න. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරලා තියාගන්න එපා අඩුත් නැති වැඩිත් නැති ගනට තියාගෙන තෙම්පරාදු කර ගන්න. පසුව ගෝවා, දම් ගෝවා දමාගෙන ලුණු සහ ගම්මිරිස් එකතුකර කලවම් කරගන්න.
Read More
දැන් පිසගත් බාස්මති බත් ටික එකතුකර සෝයා සෝස් මේසහැදි 2 ක් විතර එකතුකර බත් එක කලවම්කර ගන්න මේ වේලාවේ ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩිකර කලවම් කරගන්න. වැඩි වේලා ලිපේ තියාගන්න එපා. ලිපෙන් ඉවත් කරගන්න.
මේ වගේ රයිස් එකක් හදනව නම් එලවලු චොප්සියක් හදන්න ඕනේනෑ.. ඩෙවල් එකක්, කරියක්, කට්ලට්. හොදටම ඇති. ඒවගේම හරිම රසයි වගේම ගුනයි. ඔයාත් හදපු එකේ ෆොටෝ අරන් අපිටත් බලන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒවගේම අපිව follow කරලා තියාගන්න තවත් රස රෙසපි එකකින් ඉක්මනින් හම්බවෙමු...👋❤️
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment