අළුවා රෙසපි 5ක්
1. රුලං අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය:-
රුලං ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 250
වැනිලා ස්වල්පයක්
පොල් කෝප්ප 1
කරදමුංගු ඇට 3
පොල් පැණි කෝප්ප 1/4
සාදන ක්‍රමය :-
මුලින්ම රුලං ටික කබලෙ බැදගන්න. ඊළඟට තාච්චියක් ලිපේ තියලා සීනි ටික දාලා උණු කරගන්න.
පැණි වේගෙන එනකොට ඒකට පොල් පැණි ටිකත් එකතු කරලා පොල් ටික දාලා කලවම් කරගන්න.
කරදමුංගු හා වැනිලා එකතු කරගන්න. අන්තිමට රුලං ටික දාලා හොඳට තලපයක් වගේ කලවම් කරගන්න.
ටිකක් හයි වේගෙන වගේ එනකොට බටර් ගාගත් ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපාගන්න.
2. මිල්ක්මේඩ් අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය:-
මිල්ක්මේඩ් ටින් ලොකු ටින් එකෙන් 1/2
සීනි ග්‍රෑම් 350
හාල්පිටි ග්‍රෑම් 500
ලුණු
කපාගත් කජු ස්වල්පයක්
කරදමුංගු ඇට 3
වතුර (මිල්ක්මේඩ් ටින් එකෙන් 1/2ක්)
සාදන ක්‍රමය :-
හාල්පිටි ටික කබලෙ බැදගන්න. වෙනම තාච්චියක් ලිපේ තියලා මිල්ක්මේඩ්, සීනි හා වතුර දාලා හැඳිගාන්න.
රස අනුව ලුණු හා කරදමුංගු ටික දාගන්න. උතුරනකොට ලිපෙන් බාලා හැඳිගාන්න. දැන් කරදමුංගු ඇට අයින් කරලා හාල්පිටි ටික ටික කලවම් කරමින් අලුවා තලපය හදාගන්න.
පිටි ඉසගත් තැටියකට තුනී කරලා උඩින් තව පිටි ටිකක් ඉහලා උණුවෙන්ම කෑලි කපාගන්න.
3. කිරි අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්පිටි ග්‍රෑම් 500
මිටිකිරි කෝප්ප 1 1/2
සීනි ග්‍රෑම් 250
කුඩු කරගත් කජු ටිකක්
කරදමුංගු ඇට 2
සාදන ක්‍රමය:-
හාල්පිටි කබලෙ බැදගන්න. පොල්කිරි වලට සීනි දාලා ලිපේ තියලා හැඳි ගාන්න. ටිකකින් කරදමුංගු ඇට හා කජු ටික දාගන්න.
ලිපෙන් බාලා කරදමුංගු ඇට අයින් කරගන්න. හාල්පිටි වලට ලුණු දාලා මිශ්‍රණයට ටික ටික එකතු කරගන්න.
ටික ටික ඝන වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. උඩින් හාල්පිටි ටිකක් ඉසගන්න.
4. පැණි අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්පිටි ග්‍රෑම් 500
පොල්පැණි බෝතල් 1/2
සීනි ග්‍රෑම් 50
කපාගත් කජු ඇති පමණ
සාදන ක්‍රමය :-
හාල්පිටි කබලෙ බැදලා පැත්තකින් තියාගන්න. පොල්පැණි හා සීනි එකතු කරලා උණු කරගන්න.
පැණි උණු වෙන පදම බලාගන්න වතුර වීදුරුවකට පැණි බිංදුවක් දාලා බලන්න. වතුරෙ දිය නොවී යට යනවනම් පදම හරි. දැන් ලිපෙන් බාලා පැණි ටික ටික හාල්පිටි වලටඑකතු කරන්න.
කජු ටිකත් දාගන්න. හොඳට කලවම් කරලා බටර් ගාගත් ට්‍රේ එකක තුනී කරලා ඉක්මණින් කෑලි කපාගන්න.
5. බටර් අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය:-
හාල්පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 100
මුද්දරස්පලම්
රෝස් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්)
කරදමුංගු ඇට 2
ලුණු
සාදන ක්‍රමය :-
හාල්පිටි කබලෙ බැදගන්න. තාච්චියකට සීනි හා වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරගන්න.
සීනි දියවෙලා පැණිපත් වේගෙන එනකොට බටර් ටික දාලා හැඳිගාන්න. කරදමුංගු, ලුණු හා මුද්දරස්පලම් එකතු කරලා රෝස් එසන්ස් දාගන්න.
දැන් හාල්පිටි ටික ටික කලවම් කරගන්න. මිශ්‍රණය ඝණ වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගෙන උණුවෙන්ම කෑලි කපාගන්න.
උපුටා ගැනීම Life lk
ඉදිරිපටත් කිරීම Garlic and Ginger
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.





Comments
Post a Comment